ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හමුනොවන බව මුලින් සඳහන් වුවත්, ඔහු ඊයේ (02දා) ප්‍රධාන අමාත්‍යවරයා හමුවී තිබේ.
ඊයේ (02දා) උතුරු පළාතේ සංචාරයක නිරත වූ ප්‍රධාන අමාත්‍යවරයා ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා හමුවී, පසුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හමුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.