බාහිර බලපෑම්වලට එරෙහිව එක්ව, ශක්තිමත්ව නැගී සිටීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාක් රටවලට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ නේපාලයේ, කත්මණ්ඩු නුවර රාෂ්ත්රියා සභා ග්රිහා හි පැවති 18 වැනි සාක් සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.
"දේශපාලනික ස්වභාවයකින් යුත් ද්වීපාර්ශ්වික ගැටළු සඳහා මැදියත් වීමෙන් වැළකී සිටීම සාක් සංගමයේ ප්රතිපත්තියක් වූ නමුත්, බාහිර පෙළඹවීම්වලට එරෙහි විය යුතුයි. සාමාජික රටවලට විරුද්ධව එල්ලවෙන බාහිර බලපෑම්වලට එරෙහිව එක්වීම, සාක් සංගමයේ ජීව ගුණය සදාචාරත්මකව පවත්වා ගැනීමයි." යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියේය.