බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය සමත්ව තිබේ. ඊයේ (29දා) සවස මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අම්බලන්ගොඩ නිවසක තාවකාලිකව පදිංචිව සිට 62 හැවැරිදි ප්‍රංශ ජාතිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු නැවතී සිටි නිවසේ අවුරුදු 14ක පිරිමි දරුවෙකු මෙසේ අපයෝජනය කර තිබේ.
දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළපිටිය රෝහලට ඉදිරිපත් කර තිබේ.
තමිඳු මධුසර ලියනගේ