කිතුල්ගල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ කැලණි ගඟේ පවත්වාගෙන යනු ලබන වයිට් වෝටර් රාෆ්ටින් බෝට්ටු සේවය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට එරෙහිව අද (09දා) කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සංගමය මගින් දැවැන්ත උද්ඝෝෂණය ව්‍යාපාරයක් කිතුල්ගල නගරයේදී පැවැත්විණි.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ පරවලතැන්න ප්‍රදේශයේ සිට සාමකාමී පෙළපාළියකින් පැමිණි විරෝධතාකරුවෝ කිතුල්ගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාව ව්‍යාපාරය පැවැත්වූහ.
කිතුල්ගල විශේෂ ඒ.ඩී.ඒ. නිශාන්ත