මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවට තේරීපත් ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා අතර හමුවක් පසුගියදා බ්‍රිතාන්‍යයේදී සිදුව තිබේ.
බ්‍රිතාන්‍යයේ වැඩබලන මහ කොමසාරිස්වරයා ලෙස චානක තෙල්පාවල මහතා විසින් ජයවර්ධන මහතා ඇතුළු පවුලේ අය හා ජයසූරිය මහතා ඇතුළු පවුලේ අය වෙනුවෙන් සංවිධානය කර තිබූ දිවා භෝජන සංග්‍රහයකදී මෙම හමුව සිදුව තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් ලැබූ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ප්‍රථම පුද්ගලයා ලෙස රනිල් ජයවර්ධන මහතා සැලකෙයි.
බ්‍රිතාන්‍යයේ ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් කන්සවටිව් පක්ෂයෙන් තරග වැදුණු රනිල් ජයවර්ධන මහතා ඡන්ද 35,573ක් ලබාගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරීපත් විය.
ප්‍රතිවාදී ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ග්රැහැම් බෙකරල්ට වඩා ඡන්ද 29,916ක් ඔහු ලබාගත් අතර, ග්රැහැම් බෙකරල්ට ලබාගැනීමට හැකිව තිබුණේ ඡන්ද 5,657ක් පමණි.