ශ්‍රි ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය සිය ශ්‍රී ලංකා වෙළඳ තානාපති වශයෙන් පත්කර ඇත.
ශ්‍රි ලංකාව තුළ බ්‍රිතාන්‍ය ආයෝජනය වර්ධනය කිරීම මෙම පත්කිරීමේ අරමුණයි. රනිල් ජයවර්ධන මහතා එළැඹෙන 15 දා සිට 17 දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයකටද එක්වීමට නියමිතය.
සිය පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් රනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ වරාය නගරය බ්‍රිතාන්‍ය ආයෝජකයන් වෙනුවෙන් වැදගත් ස්ථානයක් බවයි.