බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙන ඓතිහාසික ජනමත විචාරණය එරට වේලාවෙන් උදෑසන 7.00 (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30 ට පමණ) ආරම්භ වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය මැතිවරණ බලධාරීන් පෙන්වාදෙන පරිදි උදෑසන 7.00 ට විවෘත වන ඡන්ද මධ්‍යස්ථාන රාත්‍රී 10.00 වනතුරු විවෘතව පවතින අතර, ඒ කාලය තුළ ඡන්ද දායකයන්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙයි.
එමෙන්ම, මෙවර මැතිවරණය වෙනුවෙන් හාරකෝටි හැටපන් ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින අතර, එය බ්‍රිතාන්‍ය මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත ඡන්දදායකයන් පිරිසක් බවටද පත්වේ.
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රට පුරා පැවැත්වෙන තෙවැනි ජනමත විචාරණය ලෙස මෙය ඉතිහාසත ගතවන අතර, යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටින්නේද, නැද්ද යන විවාදය තුළ මාස හතරක පමණ ඡන්ද සටනකින් අද මැතිවරණය ඇරඹෙයි.
ඒ අනුව, ඡන්ද දායකයන් අතට පත්වන ඡන්ද පත්‍රිකාවේ,
එක්සත් රාජධානිය යුරෝපා සංගම් සාමාජිකයෙක් ලෙස තවදුරටත් රැඳී සිටිය යුතුද?
යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද? යන පැනයන් යොමුකර තිබේ.
එහිදී, මෙම පැනයන් දෙකෙන් කවරක් අඩකට වඩා වඩා ඡන්ද ලබාගෙන තිබුණේ නම්, එම වැඩි ඡන්ද ලැබූ ජනමතය ජයග්‍රහණය කරනු ඇති බව කියයි.