එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අමාත්‍ය ආරක්ෂක උපදේෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට කිසිඳු පරීක්ෂණයක් හමුදාව තුළ සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු කොටි හිතවාදීන්ට සිය නිල ඇඳුමේ පළදවා ඇති ජාතික කොඩිය පෙන්වා ශ්‍රී ලංකාව ප්රභාකරන්ගේ ගෙල සිඳවා ඇති බවට පෙන්වා ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.