එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය අත්හිටවූ ඇමති ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය යළි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගෙන ඇත.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට ගෙළ සිඳ දමන අකාරය නිරූපයන කිරීමේ සිදුවීමක් මුල්කරගෙන ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ කටයුතු කළේය.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව කරන පරීක්ෂණ ඒ ආකාරයෙන්ම සිදුකිරීමටත්, බ්‍රිගේඩියර්වරයාගේ සේවය යළි පිහිටුවීමටත් ජනපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇත.