පූජ්‍ය මාදුඵවාවේ සෝභිත නායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් බ්‍රහස්පතින්දා(12දා) දින බස්නාහිර පළාතේ සියලුම පිරිවෙන් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පූජ්‍ය මාදුඵවාවේ සෝභිත නායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන එ දින බස්නාහිර පළාතේ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දෙන අතර ඒ වෙනුවෙන් නොවැම්බර් මස 28 සෙනසුරාදා දින හිලව් සැසියක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.