සියලුම බහුදින යාත්‍රා තුළ අපද්‍රව්‍ය බහාලුම් කවර ගෙනියාම අනිවාර්ය කරන බව වැඩබලන ධීවර අමාත්‍ය දීලීප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේ.
ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවති කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේබ කීය.
බහුදින යාත්‍රා 5000 ක් පමණ දිනකට මුහුදට යන අතර මේසියල්ල තුළම ගෙනයන අපද්‍රව්‍ය මුහුදට විසිකිරීමෙන් සාගරය මෙන්ම වෙරලද අපවිත්‍රවන බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරක බව අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
එසේම එම සියලු අපද්‍රව්‍ය ගොඩබිමට රුගෙන ආයුතු බවත් එසේ නොකර්නට දඩ අයකරන බවද අමාත්‍යවරයා කීය.
මෙම වැඩසටහන ධීවර අමාත්‍යාංශය සමග එක්ව විසිතුරු මත්ස්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කළ අතර කිමිදුම්කරුවෝ 200 පමණ සහභාගීවුහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.
රට තුළ සංවර්ධන සිදුවෙනවාවගේම සංවර්ධනය සිදුවිය යුත්තේ පරිසරය සුරකමන් බවයි රජයේ අරමුණ වී තිබෙන්නේ.
ඒවගේම රට වටා තිබෙන කොරල්පර සුරකීමට විසිතුරු මත්සයින්ට වන හානිය වලක්වාගැනිමට අපි විසිතුරු මත්ස්‍ය සංගමය සමග සාකච්ඡාකර තීරණය කළා.
විසිතුරු මසුන් රැකගැනීමට මසුන් බෝ කීරීමට කොරල්පර රැකගැනීමට අවශ්‍ය නිසා කිමිදුම් කරුවන්ගේ සහයෝගය ද සහිතව කොරල්පර පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා.
මෙය ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක කලත් රටපුරා කොරල්පර සුරකීමේ වැඩසටහන දියත්කිරීමට අපි තීරණය කළා.
මුහුදට බහුදින යාත්‍රා 5000 ක් පමණ දිනකට මුහුදට යනවා. මේ 5000 තුළම කෑමට බඩු ආම්පන් පොලිතින් බෑග් ආදී සියල්ලම ගෙනියනවා. මේවාතුළ අපද්‍රව්‍ය සියල්ලම මුහුදට දාන්නේ. ඒනීසා අද සිට මුදුදට අපද්‍රව්‍ය දැමීම තහනම් කිරීමටත් සියලුම බහුදින යාත්‍රාවල අපද්‍රව්‍ය දැමීමට කසල බෑග් ගෙනියාම අනිවාර්ය කරනවා. නැවත ගොඩබිමට පැමිණි පසුන එය නාවික හමුදාවට භාරදිය යුතුයි. මොකද මුහුදේ කොපමණ ඈතට ගිහින් කුණු දැම්මත් ඒවා වෙරලට ගහගෙන එනවා. මේනිසා කොරල්පරවලට වන හානියත් වැඩියි. යනුවෙනි