මෙරට අනන්‍ය ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වන බහුදින යාත්‍රා නවීන තාක්ෂණයට අනුව නවීකරණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒයටතේ අක්වෙරළ ධීවර යාත්‍රා සදහා සම්ප්‍රේෂ-ප්‍රතිචාරකයක් (ට්‍රාන්ස්පොන්ඩරයක්) සවි කිරීම අනිවාර්ය කරමින් 2011 වර්ෂයේදී නියෝග පනවනු ලැබූ අතර, ධීවර යාත්‍රා සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීමේදී මෙම උපාංගය සවි කර තිබීම අත්‍යවශ්‍ය වේ. මෙම නියෝග ඵලදායීව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ට්රාන්ස්පොන්ඩර 2400ක් හා ධීවර කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අනෙකුත් තාක්ෂණික උපකරණ, රජයේ ධීවර සහනාධාර වැඩසටහන යටතේ ධීවරයින් වෙත සැපයීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.