අනිවාර්යයෙන්ම ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනාගන්නා පක්ෂයට පමණක් අගමැති ධුරය හිමිවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
එසේ නොමැතිව මැතිවරණයට පෙර අගමැති අපේක්ෂකයා කවුරුන්ද කියා නම් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බව උන්වහන්සේ සඳහන් කළහ.
යම් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතු බවට යෝජනා කළද ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදි පළකළ අදහස් සමග සැසඳූ විට පරස්පරතාවක් තිබෙන බව සෝභිත හිමියෝ පෙන්වා දෙති.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දෙ වෙලාවෙදි කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඩයස්පෝරාව විසින් මෙහෙයවන බව. එහෙම ඩයස්පෝරාව යටතේ පත්වුණා කියන ජනාධිපතිතුමා යටතේ දැන් අගමැති වෙන්න එතුමා උත්සාහ ගන්නවා. කට්ටියක් කියනවා ඊළඟ මහ මැතිවරණයේදී එයාට අගමැතිකම දෙන්න නම් කරන්නලු. නමුත් මේ අය ඡන්දෙ වෙලාවෙ කිව්වේ ඩයස්පෝරාව, එල්.ටී.ටී.ඊ. එක මෛත්‍රීපාල මහත්තයා පිටුපස ඉන්න බවයි. දැන් එයා ඉල්ලනවා ඩයස්පෝරාවේ නායකයත් එක්ක අගමැති වෙන්න. ඒ වගේ විහිළුවක් මෙතන තියෙන්නේ' යනුවෙන් පවසා සිටියහ.