පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට බස් රථවලට බදු සහන ඉල්ලා සිටින විට යතුරු පැදිවලට බදු සහන ලබාදීමට කටයුතු කිරීම පොදු ප්‍රවාහන සේවාව නැවත වරක් විනාශ කර දැමීමක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
යතුරු පැදිවලට බදු සහන ලබාදෙන ලෙස කිසිවෙකුත් ඉල්ලා නොසිටි බවත්, එසේ තිබියදී යතුරු පැදිවලට බදු සහන ලබාදීමට කටයුතු කිරීම අනුවණ ක්‍රියාවක් බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙරට මාර්ග තදබදයට ප්‍රධානම හේතුව අවිධිමත් යතුරු පැදි ධාවනය බවත්, රිය අනතුරු නිසා දිනකට මරණයට පත්වන පුද්ගලයන් 08ත් 09 ත් අතර ප්‍රමාණයෙන් 05 දෙනෙකු මිය යන්නේ යතුරු පැදි අනතුරුවලින් බවද පවසා සිටියේය.
මාර්ග තදබදය විසඳීමට මංතීරු ක්‍රමය සකස් කරන යන විට සිදුකළ මෙම ක්‍රියාව හරහා කිසිදා මාර්ග තදබදයට විසඳුම් නොලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.