බස්රථ සේවකයාට පහරදුන් ලංගම සේවකයෝ සියලුම දෙනාම අත්අඩංගුවට ගන්නා තුරු කළුතර-කොළඹ, අලුත්ගම-කොළඹ, මතුගම-කොළඹ බස්රථ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ලංගම සේවකයන් 20 කට අධික ප්රමාණයක් ඊයේ (04දා) කටුබැද්ද ලංගම ඩිපෝව අසලදී අලුත්ගම-කොළඹ ධාවනයේ යෙදෙන පෞද්ගලික බස්රථ සේවකයෙකුට පහරදුන් බවත් එහෙත් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සියලුම දෙනා අද දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත් හෙට දිනයේ තවත් මාර්ග කිහිපයක් වර්ජනයට එක්කර ගන්නා බවද ඒ මහතා අවධාරණය කළේය.