ලබන වසරේ ජනවාරි මාසයේදි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පවත්වන මැයි රැලිය සඳහා පක්ෂය සංවිධාන කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන්නේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කණ්ඩායම් වශයෙන් බෙදී සිටියහොත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයයට පත්වනු ඇති බවත් එක් නායකයෙකු යටතේ ගමන් කළහොත් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි බවත්ය.