බස්නාහිර පළාත් සභාවේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව 2009 ට සාපේක්ෂව ආණ්ඩුවට ආසන 12 ක් අහිමි වී තිබේ. ඔවුන්ට 2009 වසරේදී ආසන 68 ක් හිමි වූ අතර, 2014 වසරේදී එය ආසන 56 ක් දක්වා අඩුවී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට 2009 වසරේදී ආසන 30 ක් හිමිව තිබූ අතර, මේ වසරේදී එය 28 දක්වා අඩුවී තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂයට ආසන 09 ක් හිමිව තිබේ. ජනතා විමුක්ති පෙරමුණද සිය ආසන සංඛ්‍යාව 2009 වසරට සාපේක්ෂව ආසන තුනේ සිට ආසන 06 ක් දක්වා වර්ධනය කරගෙන තිබේ. ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසයට හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණට ආසන 2 බැගින් හිමිව තිබේ.