බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා , කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යධූරය නැවතවාතාවක් අර්බුධයට ලක්ව තිබේ. ඒ මෙම අමාත්‍යධූරය තමාට ලබාදෙන්නැයි ඉල්ලා එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකිරීම හේතුවෙනි. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම ලිපියක් යොමු කර තිබේ .
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ වෙත අමාත්‍යධූරයක් ලබාදීම මෙතෙක් කල් ප්‍රතිපත්තියක් ලෙස සිදුව ඇති නිසා මෙම අමාත්‍යධූරය ලංකා සම සමාජ පක්ෂ විකල්ප කණ්ඩායම නියෝජනය කරන තමන් වෙත පවරන්නැයිද හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මෙම ලිපියට අත්සන් තැබු මන්ත්‍රීවරුන් අතර බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ, සභානායක සුනිල් ජයමිණි, අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, සහ මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, මහේෂ් අල්මේදා, මොහොමඩ් ෆායිස්, කෝකිලා ගුණවර්ධන, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා, ගුණසිරි ජයනාත්, ප්‍රදීප් උදුගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් කුමාර, අර්ෂාඩ් නිසාම්ඩීන්, සලෝචන ගමගේ, ප්‍රදීප් පෙරේරා, සන්ධ්‍යා සිරිවර්ධන, නවුසර් ෆවුසි, එස්.ඩී.අයි.ඩී ජානක, සෙනල් වෙල්ගම, ප්‍රසන්න සංජීව, ලලිත් වර්ණකුමාර, ලලිත් එල්ලාවල, රෝහණ අබේගුණවර්ධන, සරත් සුමනසේකර, ඩිල්ෂාන් ජයවර්ධන යන පුද්ගලයෝද වෙති. මේඅතර බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගත්තේය.