බස්නාහිර වන සතුන් සුරැකීමට සුරක්ෂිතාගාරයක්
බස්නාහිර පළාත තුළදී අනතුරුවලට ලක්වන සහ අවතැන්වන වන සතුන් සුරක්ෂිත කිරීම සඳහා බෙල්ලන්විල අත්තිඩියඅභය භූමිය මූලික කර ගනිමින් වනසතුන් සුරක්ෂිතාගාරයක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.
බස්නාහිර කලාප පශු සම්පත් ඒකකය සහ ජලජ සම්පත් කළමනාකරණ සංවිධානය එක්ව මෙම කලාපය සකස් කිරීම ආරම්භ කර තිබෙන අතර, මේ සඳහා මූල්‍යමය ආධාර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සුළුමූල්යාධාර වැඩසටහන විසින් ලබාදී ඇත.
මේ පිළිබඳව "අද" වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේපශු වෛද්‍ය සුහදජයවීර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ,
බස්නාහිර පළාත තුළදී වන සතුන්ට අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර කිරීමට සහ වනසතෙකු අවතැන්වූ විට ඔවුන් සුරක්ෂිත කිරීමට ස්ථානයක් නොතිබූ බවය.
එහෙත් මින් ඉදිරියට එම ගැටලුවට විසඳුම් ලැබී තිබෙන බවත්, ඉදිකරන මෙම ව්‍යාපෘතිය තුළින් බස්නාහිර කලාපයේ වනජීවීන්ගේ ජීවිත සුරක්ෂිත වන බවත් පවසා සිටියේය. මේ පිළිබඳව ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර මහතාගෙන් කළ විමසීමේදී සභාපතිවරයා සඳහන් කළේ,
තම සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් කළ ඉල්ලීමට අනුව වන සතුන් සුරක්ෂිත කිරීමට සුරක්ෂිතාගාරයක් ඉදිකිරීමට සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 06ක මුදලක් ප්රදානය කළ බවත් අදාළ ඉදිකිරීම් කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවත්ය.
මෙම මුදල් උපයෝගී කරගෙන බස්නාහිර කලාප පශු සම්පත් ඒකකය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහුපවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

