විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා සහ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් අසභ්‍ය වචනයෙන් බැන ගැනීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් අද (19දා) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී උද්ගත විය.
මහරගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම සඳහා පසුගිය කාලයේදී ගෙනවිත් තිබූ සනීපාරක්ෂක උපකරණ තොගයක් බෙදාදීමේදී ගැටලුවක් මතුවී ඇතැයි වරප්‍රදසාද ප්‍රශ්නයක් මතුකරමින් උපාලි කොඩිකාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මහජනතාවට බෙදාදීමට ගෙනා උපකරණ නිවසේ තබා ගෙන සිටින්නේ ඇයිද යන්න එහිදී නැගි සිටිමින්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසා සිටියේය.
ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළ යුතු බවට ජෝර්ජ් පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ අවස්ථාවේදී උපාලි කොඩිකාර මහතා අසභ්‍ය වදනයෙන් බැන වදින්නට විය.
ජෝර්ජ් පෙරේරා මහතාද අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තමාට ලබාදී ඇති හෑන්ඩ් ෆ්‍රී කට්ටලය ගලවා කොඩිකාර මන්ත්‍රිවරයා අසලට විසි කළේය.