බස්නාහිර පළාත තුළ කුලී රථ සේවයේ යෙදෙන සියලුම ත්රිරෝද රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන සේවා අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා සඳහන් කළේය.මේ වසරේ ඔක්තෝබර් මාසයට පෙර අදාළ ලියාපදිංචි කිරීම් සිදුකළ යුතු බවත්, ලබන වසරේදී ලියාපදිංචි වී නොමැති ත්රි‘රෝද රථවලට කුලී රථ සේවාවේ යෙදීමට අවසර ලබා නෙදෙන බවද පවසා සිටියේය.
බස්නාහිර පළාත තුළ ලක්ෂ 05කට ආසන්න ත්රිරෝද රථ ප්රමාණයක් කුලී ගමන්වල යෙදෙන බවත්, එම සේවාව විධිමත් කිරීමට මෙතෙක් වැඩපිළිවෙළක් නොතිබූ බවද සභාපතිවරයා සඳහන් කළේය. එහෙත් මෙම ලියාපදිංචි කිරීම කටයුතු සිදුකළ පසු ත්රිරෝද රථ සේවාව නියාමනය කිරීමට කටයුතු කරන බවත්, ලියාපදිංචිය ලබාගන්නා ත්රිරෝද රථ හිමියන්ට පහසුකම් රාශියක් ලබාදෙන බවද පවසා සිටියේය.
මේ යටතේ නොමිලේ රක්ෂණාවරණයක්, වරප්රසාද කාඩ්පතක් හා ත්රිරෝද රථ කුලී ගාස්තුව සඳහන් වන මීටරයක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය. මීට අමතරව ත්රි‘රෝද රථය කුමන දිස්ත්රික්කයකට අයත්ද යන්න පුවරුවක් මගින් ප්රදර්ශනය කිරීමටත් කටයුතු කරන බවද පවසා සිටියේය.