බස්නාහිර පළාත් සභා රැස්වීම්වලට සහභාගී වන මන්ත්රීවරුන්ට ලබාදෙන ආහාර ප්රමිතියෙන් තොර බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ප්රසන්න සංජීව මහතා ඊයේ (03දා) පැවසීය.
කලක පටන් මේ ආකාරයට ප්රමිතියෙන් තොර ආහාර ලබාදෙන බව මන්ත්රීවරයා ප්රකාශ කළේ ඊයේ (03දා) පැවැති පළාත් සභා රැස්වීමට කෝපි වීදුරුවක් ගෙනැවිත් ප්රදර්ශනය කරමිනි.
ආහාර සඳහා මන්ත්රීවරුන්ගෙන් යම් මුදලක් අය කරගන්නා බවත්, එම මුදලට සරිලන ආහාර ලබාදිය යුතු බවත් ඔහු කීය. මන්ත්රීවරයා කියා සිටියේ ලබාදෙන ආහාරවල කිසිදු රසයක් නොමැති බවයි. ඊයේ මන්ත්රීවරුන්ට පානය කිරීමට ලබාදුන් කෝපි වීදුරුවේ කෝපි නැති බවත්, ජලයට යම් වර්ණයක් මිශ්ර කර ලබා දී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර මහතා සඳහන් කළේ මන්ත්රීවරුන්ට ලබාදෙන තෝර මාළු වෙනදා මෙන් රසයක් නැති බවයි. එසේම හැපීමට අපහසු පරිදි සකස් කළ තෝර මාළු ලබාදෙන බව කී කොඩිකාර මහතා ඒවා කළුගල් වැනි යැයි පවසා සිටියේය.