ඉල්ලීම් 11කට විසඳුම් ඉල්ලමින් දේශමාමක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලද වැඩවර්ජනය හේතුවෙන් බැස්ටියන් මාවත බස් නැවතුම් පොළෙහි දුර ගමන් බස්සේවා ක්‍රියාත්මක නොවීමෙන් බස් මගීන්ද දැඩි අපහසුතාවට පත්ව තිබේ.
ඉල්ලීම් 11 පිළිබඳව සවස 2.00 අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයෙකු සමග බස් රථ සේවකයන් සාකච්ඡා පැවැත්වුවත්, මෙතෙක් ඒ සඳහා විසඳුම නොලැබීම නිසා විසඳුම ලැබෙන තෙක් වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය කර ඇත.