බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය එන මාර්ග මෙන්න
- 26 04 2017
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ගාලුපාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා , කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව,
පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.
කොළඹ, චිත්තප්පලම් ඒ, ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව
තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව
ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව
කාර්ය බහුල වේලාවන්හිදී මෙම ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාතමක වේ.
මීට අමතරව,
බස් රථ සහ ත්‍රිරෝද රථ ආයනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මගින් මිටි පත්ල සහිත (Low Floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම.
බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශපත්‍ර පද්ධතියක් සකස් කිරීම.
ත්‍රිරෝද රථ, කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී යෝජනාද ක්‍රියාත්ම කිරීමට නයමිතය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

