පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ පොළොන්නරුව ගල් විහාර පුදබිම් පිවිසුම් දොරටුව ආසන්නයේ අද (06දා) උදෑසන 6.00 ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් එකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරන් විසි තුන් දෙනෙක් තුවාල ලැබූහ.
කොළඹ සිට පොළොන්නරුව බලාධාවනය වෙමින් තිබූ බස් රථයක් හා පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු විය.
අනතුරින් තුවාල ලැබූවෝ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටිති.