(PICTURES) හැටන් සිට ඩයගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මස්කෙළිය ඕල්ටන් සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ දික්ඔය ප්රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් එම බස් රථ 02 ගමන් ගත් මගීන් 25 තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් බරපතළ තත්ත්වයේ තුවාලකරුවන් කිහිපදෙනෙකු සිටින බව හැටන් පොලීසිය පවසයි. අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම බස් රථ 02 වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වී තිබෙන බව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.
හැටන් රංජිත් රාජපක්ෂ