සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්රියාත්මක වන විශේෂ බස් රථ සේවා තුළදී බස් රථ සේවකයින්ගෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව 1955 දුරකථන අංකයට හෝ 0112333222 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.
අනුමත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අයකර ගැනීම, ප්රවේශපත්ර ලබානොදීම, අතර මගදි නියමිත මාර්ග හැර වෙනත් මාර්ගවල ගමන් කිරීම පිළිබඳව මෙම දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකිය.
මීට අමතරව ගම්බිම් බලායන ජනතාවට යම් කණ්ඩායමක් සකස් වී යාමට තම සංගමය හරහා බස් රථ වෙන්කර ගත හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියෝ කියයි.