පෞද්ගලික බස් හිමියන් සතුව තිබෙන බස් රථ 23‘,000 න් බස් රථ 10,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගියදා ආණ්ඩුවේ බස් ගෝලයෝ විසිනුත්, ඉතිරි බස් රථ 13,000 වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ඥාති සංග්‍රහය මත පත්වූවන් විසිනුත් පාලනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
යහපාලනය තුළ ඥාති සංග්‍රහ නොපවත්වන බව සඳහන් කළත්, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඥාතියෙකු බවත්, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා එම පළාතේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුත්‍ර‘යෙකු බවත්, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා එම පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුත්‍රයෙකු බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ සියලුම ක්‍රියාකාරකම් කිසිදු වෙනස් වීමකින් තොරව තව තවත් වැඩියෙනුත් සමග ක්‍රියාත්මක වන බවද ඔහු පවසා සිටියේය.