කැබිනට් මණ්ඩල තීරණයන් උල්ලංඝනය කරමින් හා ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියන් උල්ලංඝනය කරමින් සිදුකළ බස් ගාස්තු සංශෝධනයට එරෙහිව හෙට (18 දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩල තීරණයන් වෙනස්කළ හැක්කේ ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය විසින් බවත්, එහෙත් දේශපාලඥයන් දෙදෙනෙකු එම තීරණය වෙනස් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සකස් කළ ගාස්තුවක් බවත්, එය වෙනස් කිරීමට යෑමෙන් ජාතික ප්‍රතිපත්තියන් කඩවී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
සකස් කළ 12.5% ගාස්තු වැඩිවීම හා අවම ගාස්තුව 12 දක්වා වැඩිවීම ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බැවින් ඊයේ සිදුකළ ගාස්තු සංශෝධනය බල රහිත කරන ලෙස ඉල්ලා හෙට (18 දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.