රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තුද 10%කින් ඉහළ නැංවීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුවද වැඩි වීමට නියමිතය.
කෙසේ වෙතත් මීට පෙර බස්ගාස්තු වැඩි කළ අවස්ථාවේදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්රකාශ කර තිබුණේ බස් මගීන්ගේ පහසුකම් වැඩිකිරීමකින් තොරව බස් ගාස් නැවත වැඩි නොකරන බවයි.