ජුලි පළමු වැනි දින සිට අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත්කර, අනෙකුත් ගාස්තු 15% කින් ඉහළ යා යුතු බව බස් හිමියන්ගේ සංගම් සඳහන් කරයි.
එසේ නොවුනහොත් ජුලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රි‘යේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බව අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බස් සංගම් නියෝජිතයෝ සඳහන් කළහ.
මෙම මාධ්‍ය සාකච්ඡාව බස් සමාගම් සම්මේලනය, දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම හා වයඹ බස් සමාගම නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වූහ.