දින සියයේ රජය පොරොන්දු වූ සහන අප්‍රේල් පළමුවැනිදාට පෙර ඉෂ්ට නොකළහොත් අප්‍රේල් දෙවනදා සිට බස්ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේය.මේ සඳහා අන්තර් පළාත් බස්රථ හිමියන්ගේ සංගමයද සහාය දැක්වීමට තීරණය කර තිබේ.
නව රජයට සහයෝගය දෙමින් පෙබරවාරි 01 වැනිදා සිට 8% කින් බස් ගාස්තු අඩුකළ බවත්, එම අවස්ථාවේදී රජය පෞද්ගලික බස්හිමියන්ට සහන කිහිපයක් ලබාදෙන බවට පොරොන්දු වූ බවත්, එම පොරොන්දු මේ වනතෙක් ඉටු නොවී ඇති බවත් හෙතෙම පැවසුවේය.
එම පොරොන්දු ඉටු කිරීමට අද සිට සති දෙකක කාලයක් රජයට ඉඩ ලබාදෙන බවත්, එසේ නොවුණහොත් පෙබරවාරි 8 වැනිදාට පෙර තිබූ ගාස්තුව යළි ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමටද මේ සඳහා එක්වන ලෙස අංජන ප්‍රියන්ජිත් ආරාධනාවක්ද කළේය.