දඹුල්ල - හබරන ප්රධාන මාර්ගයේ කුඩා මීගස්වැව ප්රදේශයේදී අද (30දා) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් ඇතැයි හබරණ පොලීසිය පවසයි.
මෙම අනතුරින් අනතුරට පත් වාහන දෙකෙහිම ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුහු රෝහල් ගත කර සිටිති.
මහනුවර සිට ත්රිකුණාමලය ප්රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් සහ ත්රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුරට පත් මෝටර් රථයේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර එහි රියදුරු සහ ඉදිරි අසුනේ ගමන්ගත් අනෙක් පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටිති.
හබරණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.