ඉන්දීය රජයෙන් අලුතෙන් බස් රථ එන්ජින් 500 ක් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
ලංගම ප්‍රතිව්‍යුහගත කර සංවර්ධනය කිරීමේ සැලැස්මක් තිබෙන බවත්, බස් රථ එන්ජින් ගෙන්වන්නේ ඒ යටතේ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අමාත්‍යාංශයට බාර දීමට සැලසුම් කර ඇතැයිද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. ලංගමට නව මුහුණුවරක් හඳුන්වාදීමට අදාළව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවත්, කිසිම අවස්ථාවක පෞද්ගලික අංශය සමග සම්බන්ධ නොවන බවත් හෙතෙම පවසා සිටියේය.