බලය නොමැතිව ජීවත් විය නොහැකි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බවත්, පසුගිය කාලයේ විනාශය මාධ්‍ය මගින් හෝ කතානොකළ බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ආගමික සහජීවන වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනපතිනිය මෙම අදහස් දැක්වීය.
"සියලු පක්ෂ එකතුවෙලා එක පොදු වැඩපිළිවෙළක් සඳහා මීට වසරකට පෙර සටන් කරලා මේ රටේ ජනතාව ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවලා රජයක් පිහිටුවා ගත්තා. කොටසක් ඉන්නවා බලයට එන්න පෙරේතකමින් දඟලන. අපේ පක්ෂයේම කොටසක් ඉන්නවා බලයට එන්නෙ නැතිව ජීවත්වෙන්න බැරි. මොකද හොරකම් කරලා හොරකම් කරලා පිස්සු වගේ හැබැයි එකට කරන්න දෙයක් නෑ.
හැමදෙනාම කතාකරනවා දැන් මේ රජය බලයට ඇවිලා මුකුත් නෑ. සංවර්ධන කටයුතු අඩුයි. අපිට රස්සාවල් නෑ. අවුරුද්දක් කියන්නේ ඉතා පොඩි කාලයක්. මේ රටේ විනාශය තමුන්නාන්සේලා වැඩිය දැනගත්තේ නෑ මොකද පුවත්පත්වල මාධ්‍යවල මේවා කතා කළේ නෑ. නගරවල මිනිස්ස්සු මේවා දන්නවා එය මේවා කියන්නේ නෑ." යැයි ඇය පවසා සිටියාය.