බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරය පසුගිය 24 වැනිදා සවස 3.40 ත් අද (27දා) පෙ.ව. 7.30ත් අතර කාලයේදී බිඳ ඇති බවට අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබ්.
ලේඛනාගාරයේ අවසන් වූ නඩු ගොනු තබා ඇති කාමරයක් මෙසේ බිඳ දමා ඇති නමුත්, එහි කිසිදු නඩු ගොනුවක් අඩුවී නැතැයි ලේඛනාගාරය භාරව සිටි නිලධාරියා ප්රකාශ කළ බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පොලිස් නිල සුනඛයන්, ඇඟිලි සලකුණු නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.