වෛද්‍යවරියක ලෙසින් පෙනී සිටි කාන්තාවක නිසි අවසරයක් හෝ බලපත්‍රයක් නැතිව මුදල් අයකර පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයක් වැටලූ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ හා අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු නිසි ප්‍රතිකාර නොමැතිව සිටි රෝගී වැඩිහිටියන් දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්හ.
ඊයේ (4දා) දහවල් වේයන්ගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම කරනු ලැබූයේ නීත්‍යානුකූල නොවන අන්දමින් සුදුසුකම් නැති අයකු විසින් වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබී තිබූ පැමිණිලි අනුවය.
දෙමහල් නිවසක ඉහළ මාලයේ මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන ගොස් තිබුණි. එහි වැඩිහිටියන් 12 දෙනෙකු රදවා සිටියහ. පිරිමි පස් දෙනෙක් හා කාන්තාවන් හත් දෙනෙක් ඒ අතුරවූහ.