බරවා රෝග පරීක්ෂාවට ලේ ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔවුන්ට නිකුත් කර තිබෙන සේවා හැඳුනුම්පත හෝ අවසර පත් පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
විවිධ රෝගකාරක එන්නත් කිරීමට ජනතාවගෙන් ලේ ලබාගන්නා බවට සමාජජාල වෙබ් අඩිවි හරහා ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
බරවාවලින් තොර රටක් බිහිකර ගැනීම සඳහා යම් යම් ප්‍රදේශවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර ලත් නිලධාරීන් ලේ සාම්පල් ලබාගැනීම සිදුකරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ නිසා මෙම වැඩපිළිවෙළ පවත්වා ගෙන යාමට අවශ්‍ය බවත්, මේ නිසා ලේ ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව පරීක්ෂා කර බලා අදාළ අවස්ථාව ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.