දුෂණ විමර්ශනය විමසීම සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවෙන් තමා ඉවත් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවති ලක් සතොස පිළිබඳව එල්ලවූ චෝදනාවක් විමර්ශණය කිරීම නිසා බව එම කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
දූෂණ විරෝධි පෙරමුණ අද (18දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ලක් සතොස ආයතනය අක්රමික ලෙස සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වීමේ දී ඇතිවූ දුෂණයක් පිළිබඳ විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් කෙරුණු බව ඔහු පැවැසීය.
සිය කොමිසමේ ආරම්භක යුගයේදී විවිධ දුෂ්කරතා පැන නැගුනද ජනාධිපතිවරයා මැදිහත් වී කොමිසමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය දැක්වූ බවත් ඇතැම් දූෂණ පිළිබඳ ප්‍රශ්න කීරීම් සහ විමර්ශණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට ඉතා තදබල තීරණ ගැනීමට සිදුවූ බව ද සඳහන් කළේය.