බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.
පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කථආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග, පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක් විය.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )