බයිසිකලයෙන් ඇවිත් බෙන්ස් රථයෙන් යන්න එපා - අගමැති
ජනතාවට සේවය කිරිමේදී පාපැදියෙන් පැමිණ බෙන්ස් රථයෙන් ගමන් නොකරන ලෙසත්, ජනතාවට සේවය කරන ලෙසත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්රීවරුන් දිවුරුම් දීම වෙනුවෙන් පැවැති උත්සවයක්දී අග්රාමාත්යවරයා මේ බව සදහන් කළේය.
“ඔබ තෝරා ගත්තේ බයිසිකලයෙන් පැමිණ බෙන්ස් කාරයෙන් යන මන්ත්රීවරයෙකු බවට පත්වීමට නොව තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු වැඩකටයුතු නිසි ලෙස ඉටුකිරීමටයි. ජනතාව අපෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙනවා. මහජන නියෝජිතයන් වශයෙන් අපි ඒ සේවය නොපිරිහෙළා ඉටුකර දිය යුතුයි. ඒ සඳහා නිරතුරුවම කැපවිය යුතුයි.
කොළඹනගරයට ඩෙංගු ගැටලුව තිබෙනවා. ඒ වගේම කොළඹනගරයේ කැළි කසළ ඉවත් කිරීම පිළිබඳවත් අපි අද සාකච්ඡා කළා. ජනතාවගේ එදිනෙදා ගැටලු අපි සාර්ථකව විසඳිය යුතුයි. ඒ වගේම අපි ජනතාවට ලබාදුන් පොරොන්දු අපි ඉටු කළ යුතුයි. දැනට පවතිනවාට වඩා හොඳ ජීවන රටාවක් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ කොළඹනගර වැසියන්ට ලබා දෙන්න යැයි මම අවසාන වශයෙන් ඔබට ප්රකාශ කරනවා.” යනුවෙන්ද අගමැතිවරයා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


