යතුරුපැදිය ලාංඡනයෙන් තරඟකර මහරගම නගර සභාවට තේරීපත් වූ ස්වාධීන කණ්ඩායම් සභිකයින්ට ඉල්ලා අස්වන ලෙසට යම් යම් කණ්ඩායම් බලපෑම් එල්ල කරන බව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ නිසා තේරීපත්වූ සභිකයින් 07 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් ඊයේ (20) කොළඹ දිස්ත්රික් තේරීම්භාර නිලධාරිනියට භාරදුන් බවද පවසා සිටියේය.
සිදුකරණ බලපෑම් පිලිබඳව තේරීම්භාර නිලධාරිනියට අදාළ පැමිනිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඊයේ (20) මේ බව සඳහන් කළේය.