බන්ධනාගාරගතව සිටින ගැබිනි මවුවරුන් සඳහාද රජය මගින් ක්‍රියාත්මක 'පෝෂණ මල්ල' ලබාදීමට තීරණය කළ බව ළමා කටයුතු රාජ්යඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසීය.
මෙම ගැබිනි මවුවරුන් සායනවලට නොපැමිණෙන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා ගැබිනි මවුවරුන් පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත්, ඉදිරියේදී ජාතික ප්‍රතිපත්තියක් යටතේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන බවත්අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදීඅමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය.