වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය අද (18දා) සිට කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර තිබේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට කළ දැනුම් දීමකට අනුව ඇයට මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.
බන්ධනාගාර රෝහලේ සේවයේ නිරත එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දැමීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියගේ වෘත්තීය විෂමාචාර පිළිබඳ කරුණු 26 ක් ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදී.
එම කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා සිටියහ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ඒ පිළිපඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.
තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුවට වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ලෙස ජේ.කේ.මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිතය.