ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 25 වැනිදා රහස් පොලිස් නිලධාරීන් තමන්ගේ නිවසට පැමිණෙන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධව තමන් විසින් සිදුකළ හෙළිදරව්ව මෙම ප්‍රශ්න කිරීමට හෙතුවී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන්ව කෙසේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවට විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන බවද හෙතෙම පවසා සිටියේය.