ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දුන් ඊයේ දිනයේ බදුල්ල දිස්ත්රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් වාර්තා වූ බව කැෆේ සංවිධානය පවසයි.
බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගණය ආශ්රිත ප්රදේශ ගණනාවක නීති විරෝධී පෙළපාළි පවත්වා ඇති අතර මෙම පෙළපාළි පවත්වන ලද අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කැෆේ සංචිධානය විසින් අද (7) මැතිවරණ කොමසාරිස් වරයා වෙත යොමු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.