අයහපත් කාලගුණය සමග පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල සහ මාතලේ යන දිස්ත්රික්ක දෙකෙහි ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ගෙවීගිය පැය 24ක කාලයේදී ලද වර්ෂාපතනය මිලිමීටර 100 ඉක්මවා ඇති බැවින් විමසිල්ලෙන් සිටින්නැයිද, දෙවැනි අදියරේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් එම සංවිධානය පවසා ඇත.
ඒ අනුව, හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද (29දා) රාත්රී 10.00 ට නිකුත් කළ එම නිවේදනය හෙට (30දා) රාත්රී 10.00 දක්වා වලංගු වේ.