එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත නව දේශීය ආදායම් පනතට විරෝධය දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සේවක අර්ථසාධක අරමුදල හරහා කරන ආයෝජන මත අයකෙරෙන බද්ද 10% සිට 14%දක්වා වැඩි කිරීම, ආගමික ස්ථාන සඳහා පැවැති බදු මුක්තිය ඉවත් කිරීම, රැකගත යුතු ඇතැම් කර්මාන්ත සඳහා ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම, මිලියන තුනකට වැඩි ආදායම් ලබන වෘත්තිකයන්ට 24% ක බද්දක් පැනවීම, බදු ආදායම් 10% ක බද්දකට යටත් කිරීම ආදී කරුණු ඇති බවද හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.