ඒකාබද්ධ විපක්ෂය යනු කුමන්ත්රණකාරී පිරිසක් බවත් හෙට දිනයේදී ආණ්ඩුව සහයෝගයෙන් යුතුව එම කුමන්ත්රණකාරී පිරිස පරාජයට පත්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
එමෙන්ම ජනතාව වෙත පනවා ඇති බදු මුදල් කෙටි කාලයක් සඳහා පමණක් පනවා ඇති අතර රටේ ආර්ථිකය ශක්තිමත් වූ සැණින් ඒ සියල්ල ඉවත් කරන බවද අමාත්‍යවරයා පැවසූයේ අද(07දා) සිරිකොත දී පැවති මාධ්‍ය හමුවේදීය