පසුගිය ආණ්ඩුව ගිය පාරෙම වර්තමාන ආණ්ඩුවද යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවද අසීමිත ලෙස ජනතාව මත බදු බර පටවමින් ජනතා සහන කප්පාදු කරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ජනතාව මත පටවා තිබෙන බදු බර වහාම ඉවත් කරගන්නා ලෙසට බල කරමින් අද (30දා) විරෝධතා අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජන ජීවිතය කුඩුපට්ටම් කරමින් ජනතාව මත පටවා තිබෙන බදුබර ඉවත් කරගන්නා තුරු ජනතාව එක්ව විරෝධතා ව්‍යාපාර පවත්වන බවයි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ